24 C
Colombo
Wednesday, January 22, 2025

බස් – ලොරි අනතුරින් 6ක් රෝහලේ

- Advertisement -

කිලිනොච්චිය, කොකාවිල් ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් හා යුද හමුදා සාමාජිකයින් පිරිසක් රැගෙන ගිය ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මාන්කුලම පොලීසිය පවසන්නේ, අනතුරින් පුද්ගලයින් 6දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මුලතිව්, තුනුක්කායි ප්‍රදේශයේ සිට යාපනය, කරෙයිනගර් දක්වා ගමන්ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා මාන්කුලම දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන්ගත් යුද හමුදා සාමාජිකයින් රැගෙන ගිය ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවා.

අනතුරින් ලොරි රථය පෙරළී ගොස් තිබු අතර, එහි ගමන්ගත් යුද හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, බස් රථයේ රියදුරු හා බස් රථයේ ගමන්ගත් කාන්තාවක්ද තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබුණා.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වන අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...

අලුත් පත්කිරීම් 3කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත්...