28 C
Colombo
Saturday, July 27, 2024

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

- Advertisement -

බණ්ඩාරවෙල – උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් තරුණයන් 6 දෙනෙකු තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වෙන්නේ.

වෑන් රථයේ තරුණයන් 8 දෙනෙකු ගමන් කර ඇති බවත්, ඉන් 6 දෙනෙකු මෙලෙස රෝහල් ගත කර ඇති බවත් සදහන් වනවා.

පොලීසිය පවසන්නේ, අද උදෑසන ගාල්ල සිට පැමිණි මෙම තරුණයන් පිරිස ඇල්ල හරහා හපුතලේ දෙසට ගමන් ගන්නා අතරතුර බණ්ඩාරවෙල – ඔත්තෙකඩේ ප්‍රදේශයේදී වංගුවක් සහිත ස්ථානයකදි රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් වෑන් රථයට දැඩි හානි සිදුව ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත් වී තුවාල කරුවන් රෝහල් ගත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...