ආජන්ටිනා කණ්ඩායම් නායක ලයනල් මෙසී පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔහු පැළඳ සිටි ජර්සිය ඇතුළු ජර්සි 6ක් වෙන්දේසි කිරීමට සුදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම ජර්සි 6 මඟින් අමෙරිකානු ඩොලර් කෝටියක් උපායා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් වනවා.
2022 දී සුපිරි පාපන්දු තරුවක් වූ ඩියාගෝ මැරඩෝනාගේ ජර්සිය රුපියල් කෝටි 293කට අලෙවි වී තිබුණා.
ඒ අනුව, එම ජර්සිය පාපන්දු ක්‍රීඩකයෙකු අලෙවි කළ මිල අධිකම ජර්සිය බවට පත් වුණා.
ලයනල් මෙසීගේ වෙන්දේසි කිරීමට නියමිත ජර්සි නිව්යෝර්ක්හි විකුණුම් ආයතනයක වෙන්දෙසි කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වනවා.