28 C
Colombo
Saturday, July 27, 2024

නව ආර්ථික කොමිසමෙන් අලුත් රාජ්‍ය ආයතන 6ක්

- Advertisement -

පනත් පහක් ඒකාබද්ධ කර හදිසියේ සම්මත කරගත් නව ආර්ථික කොමිසම හේතුවෙන් අණ්ඩුව නඩත්තු කළ යුතු තවත් ආයතන හයක් බිහිවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (10) පැවසුවා.

නාරාහේන්පිට පිහිටි එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඒ බව සඳහන් කර සිටියා.

ආර්ථික කොමිසම, කලාප ශ්‍රී ලංකා, ආයෝජන ශ්‍රී ලංකා, ඵලදායිතා කොමිසම, ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ කොමිසම සහ පර්යේෂණ සඳහා ආයතනය ලෙස එම ආයතන හැදින්විය හැකි බවත් දැනට ආයෝජන මණ්ඩලය හරහා සාර්ථකව කෙරෙන කාර්යය කටයුතු සඳහා ද මෙවන් ආයතන හඳුන්වා දීමකින් අනවශ්‍ය දේශපාලන අතපෙවීමක් වන බවත් රණවක මහතා පවසා සිටියා.

නව ආර්ථික කොමිසම හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකින් ජයග්‍රහණය කරන කණ්ඩායමකට 113 කට වැඩි ප්‍රමාණයකින් මෙම පනත් සංශෝධනය කළ හැකිවුවද බහුතර බලයක් නොමැතිව ආණ්ඩුවක් පත්වුවහොත් ඔවුන් මේ පනතේ සිරකරුවන් බවට පත්වන බව පැවසු රණවක මහතා අලුතින් ආයතන පිහිටුවමින් තවත් රාජ්‍ය වැය ශීර්ෂයක් ඇති කරවා ගැනීම වෙනුවට පවතින ආයතනයන් නිවැරැදි විගණනය කිරීම් හරහා පවත්වාගෙන යාම කළයුතු බව වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...