27 C
Colombo
Tuesday, May 21, 2024

මැණික්හින්න රෝහලේ ගැටුමට 6 දෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

මැණික්හින්න ප්‍රාදේශීය රෝහලේ රෝගියෙකු රැගෙන ගිය පිරිසක් සහ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර ඇති වූ ගැටුමට සම්බන්ධ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, අද (30) පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින 3 දෙනෙකු සහ මැණික්හින්න රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින 3 දෙනෙකු බැගින් 6 දෙනෙකු සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

මැණික්හින්න රෝහලේ කාර්ය මණ්ඩලයේ 3 දෙනෙකු සහ රෝගියා සමග පැමිණි පුද්ගලයන් 3 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැණික්හින්න රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි පිරිසක් සහ රෝහල් කාර්ය මණ්ඩලය අතර පසුගියදා (28) ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ 06 දෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

මැණික්හින්න ප්‍රාදේශීය රෝහලේදී රෝහලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගියෙකු ඇතුළු පිරිසක් සහ එම රෝහලේ කාර්ය මණ්ඩලය අතර මෙම ගැටුම හට ගෙන තිබුණා.

අදාළ රෝගියා ජලය යැයි සිතා පෙට්‍රල් පිරවූ බෝතලයකින් මුහුණ සේදීම නිසා ඇසෙහි ඇතිවූ වේදනාවක් හේතුවෙන් මෙලෙස ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබෙනවා.

රෝගියා ඇතුළුව තවත් පිරිසක් රෝහලට පැමිණෙන විටත් රෝහලේ කාර්ය මණ්ඩලය බීමතින් සිට ඇති අතර ප්‍රතිකාර සිදු කරන වෛද්‍යවරයාද බීමතින් සිට ඇති බව වාර්තා වෙනවා.

වෛද්‍යවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ රෝහලේ පැවැති අවුරුදු උත්වයකදී මෙලෙස මත්පැන් පානය කර තිබෙනවා.

එම අවස්ථාවේ ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

ට්‍රැක්ටරයක් පෙරලී සිසුවෙක් මරුට.පහක් රෝහලට

මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරැළී අවුරුදු 16 ක සිසුවෙක් මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරනවා. වට්ටප්පලේ...

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ඉදිරි පැය 48...

අද ජාතික ශෝක දිනයක්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවය හේතුවෙන් අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන්...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...