29 C
Colombo
Saturday, July 27, 2024

P.H.I ගේ ඝාතනය ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 6 ක්

- Advertisement -

කරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුරගමදී නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ (26)ජිවිතක්ෂයට පත්වූ  කරන්දෙණිය පාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා‌ගේ ඝාතකයන් හදුනා ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් මේ වනවිට යොදවා ඇති බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්ලය පවසනවා.

ලංකාදීප වෙබඩවිය සඳහන් කරන්නේ එම කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ වෙනමම විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීම සදහා යෙදවූ බවද ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කළ බවයි.

ඇල්පිටිය, පතිරාජවත්ත ප්‍රදේශයේ ඊයේ (26) පෙරවරු 7.35ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා සිය නිවස තුළදීම ඝාතනයට ලක්වුණා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් නිවසට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

මේ වනවිට මේ ඝාතනය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් තවමත් හදුනාගෙන නැති අතර ඉදිරි දිනවලදි බොහෝවිට එය අනාවරණය කරගත හැකි බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්ලය සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...