27.8 C
Colombo
Wednesday, June 25, 2025

ව්‍යාජ මැණික් විකුණන්න ගිය 6ක් පොලිස් දැලේ

- Advertisement -

නිධානයකින් ලබාගත් ලද බවට පවසමින් ව්‍යාජ මැණික්ගල් පෙන්වා මුදල් වංචා කිරීමට තැත්කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) දහවල් කාලයේදී කටුගස්තොට පොලීසියට ලද තොරතුරක් මත කටුගස්තොට නගරයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 35 හා 51 අතර වයස්වල පසුවන හෙයියන්තුඩුව, ගාල්ල, හිනිදුම සහ ඇතුල්කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකාරිය හබරකඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක්.

මෙම සැකකරුවන් ව්‍යාජ මැණික්ගල් තැරැවුකරුවන් මාර්ගයෙන් ගැණුම්කරුවෙකු සම්බන්ධකර විකිණීම සඳහා ගාල්ල, නෙළුව ප්‍රදේශයේ සිට කටුගස්තොට ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

තරැවුකරුවන් විසින් මෙම මැණික්ගල් ව්‍යාජ මැණික්ගල් බවට අනාවරණය කරගෙන ඒ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය දැනුම්වත් කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් හා සැකකාරිය ඊයේ (25) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (27) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙක්ගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 25ක් සහ 30ක් වූ තරුණයින් දෙදෙනෙක්.  ඔවුන්ගේ යතුරුපැදිද...

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – රියදුරන්ට පොලිසියෙන් දැනුම්දීමක්

බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම...

ඉන්ධන හිඟය ගැන සංස්ථාව කියන කතාව

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස...

POPULAR ARTICLES