32 C
Colombo
Monday, January 20, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශ​යේ වාහන 679 ක් අතුරුදහ​න්

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු විවිධ වාහන 679 ක් ප්‍රමාණවත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි පරිදි අස්ථාන ගතවී ඇති බව ජාති​ක විගණන කාර්යාලය අනාවරණය කරනවා.

ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන කළමනාකරණය පිළිබඳව 2019 වසරේදී සිදුකළ විශේෂ විගණන පරීක්ෂණයක් මගින් ප්‍රථමයෙන්ම මෙලෙස වාහන 679 ක් අස්ථානගතවීම ගැන අනාවරණය කරගෙන තිබෙනවා.

විගණන කාර්යාලය සඳහන් කරන්නේ, එයින් වාහන 240 ක් පිළිබඳව හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විගණනයට දන්වා ඇතත් ඒ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු විගණනයට  ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවයි.

අනිකුත් වාහන 439 පිළිබඳවද  මේ දක්වා  වසර හතරක් තිස්සේ කිසිම තොරතුරක් සොයා ගැනීමට  නොහැකිව ඇති බවත් ජාති​ක විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්ෂික විගණකාධිපති වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ විගණන නිරීක්ෂණ මගින් පෙන්වාදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

මනූෂ CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම්

දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ඔහුගේ...

මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය...

POPULAR ARTICLES