මෙම මාසයේ ගත වූ සතිය තුළ ඩෙංගු රෝගීන් 699 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, එය පසුගිය මාසය හා සැසඳීමේදී ශීඝ්‍ර වර්ධනයක් බවයි.
ඒ අනුව පසුගිය මැයි මාසයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2647 ක්.
වසරේ ගත වූ කාලසීමාව තුළ රෝගීන් 25,619 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඉන්, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.
එම සංඛ්‍යාව, 9348 ක්.
එම කාලසීමාව තුළ ඩෙංගු මරණ 9ක් වාර්තා වී තිබුණා.