25.2 C
Colombo
Tuesday, March 5, 2024

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අඛණ්ඩ වර්ජනයක

- Advertisement -

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස්පන්දහසක ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය අද (13) උදෑසන 6.30 සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට පරිපූරක, අතුරු වෛද්‍ය, හෙද ඇතුලු වෛද්‍ය වෘත්තීය සමිති 72 ක නියෝජිතයන් එක්ව සිටිනවා.

පසුගිය අඟහරුවාදා(06) මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ අදාළ වෘත්තිය සමිති සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී කමිටුවක් පත් කෙරුණේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාල වෘත්තීය සමිති ඉල්ලා සිටින දීමනාව කුමන ප්‍රමාණයකින් ලබාදිය හැකිද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහායි.

ඒ අනුව එම කමිටුව සහ වෘත්තීය සමිති ඊයේ (12) පළමුවරට මුදල් අමාත්‍යාංශයේදී හමුවූ අතර එහිදී තම ඉල්ලීම්වලට සාධාරණ විසදුම් ලබාදීමට ඔවුන් අපොහොසත් වූ බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළා.

මේ අතර මෙම වර්ජන ක්‍රියාමාර්ගයට ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය සභාපතිත්වය දැරූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහය පළ කරනවා.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා සිටියේ තම සංගමය වර්ජනයට එක් නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...