31 C
Colombo
Saturday, July 27, 2024

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

- Advertisement -

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා පවසනවා.

කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ ඊයේ (02) පැවති සමුළුවකදී ඔහු සඳහන් කළේ දේශපාලන රැකවරණ ලබන එම ගනුදෙනුකරුවන් දස දෙනා රටට හෙළි කිරීමට පාර්ලිමේන්තුව වහා ක්‍රියා කළ යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා,

“මේ බැංකුවලින් රටේ එහා ඉන්න ගොවියගේ සිට මේ කොළඹ ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා ණය දීලා තියෙනවා. ඒ ණය ගෙවන එක ගත්ත කෙනාගේ වගකීමක්. නමුත් ඉතා හොඳට ව්‍යාපාර කරමින් දේශපාලන රැකවරණ ලබමින් තමන් හම්බකරන සල්ලි පිටරට තැන්පත් කරමින් මේ බැංකු දෙකට පොලු තියපු ප්‍රධාන පෙළේ ගනුදෙනුකරුවන් 10ක් මේ බැංකු දෙකෙම ඉන්නවා. ඒ 10 විතරක් මේ බැංකුවට ගෙවන්න තියෙන මුදල ලංකා බැංකුවේ බිලියන 50යි, මහජන බැංකුවේ බිලියන 30යි. ඔය අයවැය යෝජනා ගේන මහත්තුරුන්ට අපි කියනවා අය කරගන්න මේවා මේ මහජනතාවගේ මුදල්. පුළුවන්නම් ඒ දස දෙනාගේ නම් පාර්ලිමේන්තුවේ හෙළිකරන්න. එහෙම එළිකරේ නැත්නම් මේ රටේ මහජන යහපත උදෙසා ඒක අපි එළිකරවා. ඒ සඳහා අපි සූදානම්.”

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...