27 C
Colombo
Wednesday, April 23, 2025

අවුරුද්දකට ප්ලාස්ටික් පෑන් ටොන් 80ක් පරිසරයට

- Advertisement -

ටොන් අසූවක් පමණ බරැති ප්ලාස්ටික් පෑන් කෝටි දොළහක් වසරකට වෙළෙඳපොළට නිකුත් කෙරෙන බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවි තිබෙනවා.

පෑන් නිෂ්පාදනය කිරීමට භාවිත කරන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ආයතනයක් මෙරට නොමැති හෙයින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් ප්ලාස්ටික් පෑන් නිපදවීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළා.

එමෙන්ම පෑනක වටිනාකමින් වැඩි කොටස පෑනේ තීන්තවලට සහ පෑන් තුඩ සඳහා වැයවන බැවින් පෑන් බටය නැවත නැවත පාවිච්චි කළද පෑනක මිල සැලකිය යුතු ලෙස අඩු නොවන බව මෙහිදී තොරතුරු අනාවරණයවි තිබුණා.

පරිසරය ස්වභාවික සම්පත් සහතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වු අතර මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී.

මේ කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉඳුනිල් අමරසේන, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරුද සහභාගි වි තිබුණා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES