30 C
Colombo
Sunday, April 14, 2024

පැයකට කොවිඩ් මරණ 9 ක් – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

- Advertisement -

මේ වන විට පැයකට කොවිඩ් මරණ 09ක් පමණ මෙරටින් වාර්තා වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා.

මේ හේතුවෙන් එන්නත් ලබානොගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් එන්නතකරණයට කඩිනමින් යොමුවිම සහ එක් මාත්‍රාවක් ලබාගත් පිරිස් එන්නත්කරණය සම්පූර්ණ කිරිම අනිවාර්යෙන් සිදුකළ යුතු බව ඇය අවධාරණය කරනවා.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ හඳුනාගත් නව විකෘති ප්‍රභේදයද කොළඹින් බැහැර සෙසු ප්‍රදේශවලට පැතිරයාමේ අවදානමක්ද මේ වන විට පවතින බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙනවා.

“ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඉතාම වේගයෙන් පැතිරෙනවා. මේ අලුත් රැල්ලට සම්පුර්ණයෙන්ම හේතුකාරක වන ප්‍රභේදය තමයි ඩෙල්ටා. මේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය කොළඹින් තමයි පටන් ගත්තේ. දැන් ඉතාමත් වේගයෙන් අනෙකුත් පළාත්වලටත් පැතිරෙමින් පවතිනවා. මේ අවස්ථාවේ දී කොළඹ ඩෙල්ටා තමයි 100%ක් වගේ තිබෙන්නේ. මේ අලුත් ප්‍රභේදය අනේකුත් පළාත්වලටත් පැතිරෙනවා කියන එක සැකයක් නැහැ”

RECENT ARTICLES - SINHALA

ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී කුඩා දැරියක් මරුට

අරලගංවිල රුහුණුගම ප්‍රදේශයේදී ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරකින් කුඩා දැරියක් මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, වැසිකිළියක් මත රඳවා තිබූ ජල ටැංකියක සිට...

‘අලුත්වීම’ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරනවා – ජනපති

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසන්නේ, ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවයි. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත්...

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

උසස් පෙළ ප්‍රතිඵල ගැන දනුම්දීමක්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...