28 C
Colombo
Tuesday, May 28, 2024
spot_img

මිලියන 9ක මත්ද්‍රව්‍ය තොගයක් තැපෑලෙන් ඇවිත්

- Advertisement -

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ ආවේක්ෂණ රාජකාරීවලදී මෙරටට එවා තිබූ සැකසහිත පාර්සල් කිහිපයක තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

එහි තිබී මත්පෙති 150ක්, කුෂ් ග්‍රෑම් 466ක් සහ කොකේන් ග්‍රෑම් 10ක් සොයාගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 9කට ආසන බව රේගුව පවසනවා.

රේගුව වැඩිදුරටත් සඳහන් කරන්නේ එම මත්ද්‍රව්‍ය සහිත පාර්සල් කැනඩාව, එංගලන්තය සහ නෙදර්ලන්යේ සිට දෙහිවල, වැල්ලවත්ත, වේයන්ගොඩ සහ අනුරාධපුරය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වෙත ඒවා තිබු බවයි.

කෙසේ වෙතත් වැඩිදුරටත් සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එලෙස සටහන් කර තිබූ මෙරට ලිපිනයන් ව්‍යාජ බවයි

ශ්‍රී ලංකා රේගුවේ විමර්ශන අවසානයේ මෙම මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව,මධ්‍යම,...

ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමනාකරු රිමාන්ඩ්

අධිකරණය මගින් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමක් උල්ලංඝනය කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් රහසිගතව විදෙස් ගතවීමට තැත් කළ බව පැවසෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස...

සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන්...

දිලිත් – විමල් – ගම්මන්පිල එකගෙයි කන්න සූදානම්

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන...