31 C
Colombo
Monday, June 17, 2024
spot_img

අධික උණුසුම නිසා ඉන්දියාවේ 9 දෙනෙක් මිය ගිහින්

- Advertisement -

අධික උෂ්ණත්වය හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උෂ්ණාධික කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ නැගෙනහිර ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයටයි.

ඒ හේතුවෙන්, ප්‍රාන්ත වැසියන් ට දරුණු ජල හිඟයකට ද මුහුණ දීමට සිදුව තිබෙනවා.

ප්‍රදේශයේ බහුතර ජන කොටසක් ළිං ජලය භාවිත කරන අතර ළිං සිඳී යාමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අප්‍රේල් මාසයේ නැගෙනහිර ඉන්දියාවෙන් වාර්තාවී ඇති උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 28.12ක් බවද සඳහන්.

කෙසේ වෙතත් එම ප්‍රදේශයන්හි වෙනත් කාලවල වාර්තා වන උෂ්ණත්වයේ සාමාන්‍ය අගය වන්නේ සෙල්සියස් අංශක 22.1 ක් බවද වාර්තා වෙනවා.

ඒ අනුව ගෙවුණු අප්‍රේල් මාසය වාර්තා අතරට එක් වුණේ නැගෙනහිර ඉන්දියාවෙන් 1973 වසරෙන් පසුව වාර්තා වූ වඩාත්ම උණුසුම් ම අප්‍රේල් මාසය ලෙසයි.

ජූනි මාසය දක්වාම මෙවැනි උෂ්ණාධික කාලගුණයක් වාර්තා විය හැකි බවට ඉන්දීය කාලගුණ බලධාරීන් පුරෝකථනය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මහපාරේ සිහිසුන්ව ඇද වැටුණු පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

යාපනය, තෝල්පුරම්, විග්නේෂ්වර විද්‍යාලයේ සිසුවෙකු ඊයේ (16) මහා මාර්ගයේ ගමන් කරමින් සිටියදී සිහිසුන්ව ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී ඔහු පාසලේ පැවති අමතර පන්තියකට ගොස්...

සජීවී ලිංගික දර්ශන චීන සමාගමකට විකුණූ යුවලක් අත්අඩංගුවට

ලිංගික දර්ශන සජීවීව චීන සමාගමකට අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා. පිළියන්දල පොලීසියට ලද තොරතුරක් මත මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකපිට...

කොළඹ ප්‍රදේශ කිහිපයකට විසන්ධි වූ ජල සැපයුම ගැන දැනුම්දීමක්

ලබුගම - කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන හානියට පත් නළය පිළිසකර කර ජල සැපයුම අද (17) මධ්‍යම රාත්‍රිය වනවිට ලබා දිය හැකි...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...