යුක්‍රේනය, ඊශ්‍රායලය සහ තායිවානය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 95ක ආධාර පැකේජයක් ලබාදීමට අදාළ යෝජනාවට අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මාස ගණනාවක් පුරා පැවැති තියුණු මත ගැටුම්වලින් පසුව සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
නමුත් එම යෝජනාව ඊළඟ අදියරේදී අභියෝගයට ලක්විය හැකි බවයි සඳහන් වන්නේ.