24 C
Colombo
Tuesday, January 21, 2025

බදු සහනයෙන් රජයට කෝටි 97,800ක පාඩුවක් – වෙරිටේ රිසර්ච්

- Advertisement -

රජය 2022 මූල්‍ය වර්ෂයේදී ලබාදුන් බදු සහන හේතුවෙන් කෝටි 97,800ක බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පසුගියදා (31) ප්‍රසිද්ධ කළ බදු වියදම් ප්‍රකාශයේ දැක්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේ, එලෙස අහිමි කරගෙන ඇති බදු ආදායම් ප්‍රමාණය 2022 මූල්‍ය වර්ෂයේ එකතු කරගෙන ඇති බදු ආදායමෙන් 56% ක් බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනේ කැපවීමක් ඉටුකරමින් මුදල් අමාත්‍යාංශය පසුගියදා (31) බදු වියදම් ප්‍රකාශය ප්‍රසිද්ධ කළ බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙනවා.

වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කළේ, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත හරහා බදු සහන හිමිවන සියලුම සමාගම් වල නම් සහ එසේ ලබාදෙන බදු සහනයේ වටිනාකම පිළිබඳ ඇස්තමේන්තුවක් අර්ධ වාර්ෂිකව ප්‍රසිද්ධ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහනේ ඇති එක් කැපවීමක් බවත් එම කැපවීම පසුගිය වසරේ මාර්තු මස ඉටුකළ යුතුව තිබුණු බවයි.

අන්තර්ජාතිකව පිළිගත් හොඳම ක්‍රමවේදයන් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු වාර්තාකරණයේ විනිවිදභාවය ඉහළ නැංවීම මෙම වාර්තාවේ අරමුණ යැයි එම ප්‍රකාශයේ දැක්වෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...

අලුත් පත්කිරීම් 3කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත්...

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...