28.7 C
Colombo
Wednesday, May 8, 2024

මස්කෙළිය පොලිසියේ කොස්තාපල්වරයෙක් හදිසියේ මියයයි

- Advertisement -

මස්කෙළිය පොලීසියේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් අද (9) පෙරවරු 09.45 ට පමණ හදිසියේ මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ලුණුගල – හොක්ටන් වතුයායේ පහළ කොටසේ පදිංචිව සිටි විසි හතර හැවිරිදි රාමසාමි රාගවන් නැමති අවිවාහක පොලිස් නිලධාරියෙකි.

මස්කෙළිය පොලීසියේ විශේෂ බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිට ඇති මෙම පොලිස් නිලධාරියා හදිසියේ පපුවේ අමාරුවක් ඇති බව පවසා තිබෙනවා.

පසුව පොලිස් නිලධාරීන් විසින් වහාම ඔහුව පොලිස් ජීප් රථයෙන් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව කොස්තාපල්වරයා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මස්කෙළිය ප්‍රදේශිය රෝහලේ වෛද්‍යවරයෙක් සඳහන් කළේ අදාළ පොලිස් නිලධාරියාගේ PCR සාම්පල් ලබාගෙන නුවරඑළිය මහ රෝහල වෙත යැවීමට කටයුතු කළ බවයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළී සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය දුම්මලදෙණිය ප්‍රදේශයෙන් අවහිර වී ඇති...

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...