26.8 C
Colombo
Sunday, May 19, 2024

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

- Advertisement -

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ, කැලෑවක තිබී අදාළ මළ සිරුර සොයාගත් බවයි.

පසුගිය අප්‍රේල් 22 වනදා කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේ තරුණයෙකු අතුරුදන් වී ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

ඒ අනුව, තොරතුරු ලද ප්‍රදේශයේ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර, සැකකටයුතු පුද්ගලයෙකු අදාළ සිදුවීමෙන් පසුව එම ප්‍රදේශයෙන් පළා යෑම හේතුවෙන් ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකර තිබිණා.

අදාළ සැකකරු බිරිඳ හා දරුවා සමග ප්‍රදේශයෙන් පළා ගොස් තිබීම හේතුවෙන් පොලීසිය ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා.

එමෙන්ම අපරාධයකට අනුබල දුන්යායැයි සැකය මත වැලිමඩ හා කැප්පෙටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සිදුකර තිබූ බවත්, ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් ලද තොරතුරු මත තවත් සැකකුරුවෙකු අත්අඩංගුවට ගත් බවත් නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ අනුව නිහාල් තල්දූව මහතා කියා සිටියේ අතුරුදන්ව ඇති තරුණයාව ඝාතනය කර ඇති බවට අනාවරණය වූ නමුත්, එය සිදුකළ ආකාරය හෝ එයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවයි.

මීට අමතරව අදාළ තරුණයා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් පළාගොස් සිටි ප්‍රධාන සැකකරු ඊයේ (06) කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් වූ බවත්, මෙතෙක් ඝාතනය සිදුකළ පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.


RECENT ARTICLES - SINHALA

ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් හමුවී තිබෙනවා. ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...