27 C
Colombo
Monday, May 6, 2024

රසායනික පොහොර ආනයන තහනමත් රිවස්

- Advertisement -

රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් පසුගියදා රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත්, පූර්ණ වශයෙන් එම තහනම ක‍්‍රියාත්මක නොකොට, විශේෂ ආනයන බලපත‍්‍ර රෙගුලාසීන්ට යටත්ව මැයි මාසයේ 06 වන දායින් පසුව ඇතැම් ද්‍රව්‍ය ගෙන ඒමට අවසර ලබා දෙමින් තවත් ගැසට් පත‍්‍රයක් මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කර තිබෙනවා.

රසායනික පොහොර සහ කෘෂිරසායනික ද්‍රව්‍ය ආනයනය පූර්ණ වශයෙන් තහනම් කරන බව පළමුව පවසා, පසුව රජය විසින් ගෙන තිබෙන මෙම නව තීරණය හේතුවෙන් රසායනික පොහොර සහ කෘෂිරසායනික ද්‍රව්‍ය ආනයන කරන සමාගම් ව්‍යාකූලභාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් හෙට (10) දිනයේදී ආනයන හා අපනයන පාලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා කිරීමට එම සමාගම් සූදානමින් සිටින බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලද ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ප‍්‍රකාශ කර සිටියේ රසායනික පොහොර තහනම් කළ ලොව පළමු රට බවට ශ‍්‍රී ලංකාව පත් කරන බවයි.

අදාල ගැසට් නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ විභාගය අද

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වෙනවා. ඒ සඳහා පෙනී සිටින සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ 52,979ක්. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්...

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...