26 C
Colombo
Saturday, May 18, 2024

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

- Advertisement -

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 49,312 දෙනෙකු අයදුම් කර ඇති අතර පිළිතුරුපත්‍ර 250,311ක් නැවත සමීක්ෂණයට ලක්කළ බවයි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk  යන වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබා ගත හැකි.

මේ අතර, 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ආරම්භ වනවා.

අයදුම්කරුවන් 452, 979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත්.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී විභාගය පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බවයි.

විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද දිවයින පුරා ස්ථාන කිහිපයක පිහිටුවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...