29 C
Colombo
Friday, May 17, 2024

2035 දී සඳ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක් හදන්න සැලසුමක්

- Advertisement -

ඉදිරි දශකය තුළදී සඳ මතුපිට න්‍යෂ්ටික බලාගාරයක් ස්ථාපනය වෙනුවෙන් සැලසුම් සකස් කිරීම සඳහා රුසියාව සහ චීනය විසින් අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය අඟහරුවාදා (05) දින රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා මේ බව නිවේදනය කර තිබුණා.

රුසියාවේ රොස්කොස්මොස් ( Roscosmos) හි ප්‍රධානී යූරි බොරිසොව් සඳහන් කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය 2033 සිට 2035 වසර දක්වා කාලය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

එසේම රුසියාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මකවන භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයක් තැනීමටද බලාපොරොත්තු වන බව රොස්කොස්මොස් ප්‍රධානියා මෙහිදී පවසා තිබෙනවා.

මෙම ව්‍යාපෘති දෙක සාර්ථකව අවසන් කිරීමට හැකි වුවහොත් සඳෙහි ජනාවාස පිහිටුවීමට එය මහත් පිටුවහලක් වනු ඇති බවද යූරි බොරිසොව් තවදුරටත් සඳහන් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී සැරයන්වරු දෙදෙනෙක් රෝහලේ

පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා...

සුරක්ෂා රක්ෂණය යළිත්

සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. 2017 වසරේ ආරම්භ කෙරුණු සුරක්ෂා රක්ෂණය 2022 වසරේ දී නවතා...

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජබයට 

හිටපු යුද හමුදාපති, විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්වී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...