33 C
Colombo
Monday, May 13, 2024

ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න දිවියෙන් සමු ගනී

- Advertisement -

ප්‍රවීණ නිවේදක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වුණා.

ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට අශෝක තිලකරත්න මහතා 82 හැවිරිදි වියේ පසු වුණා.

කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ තිලකරත්න මහතා 1967 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක් වී තිබෙනවා.

දීර්ඝ කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඒ මහතා සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කළ නිවේදකයෙක්.

ඔහු මෙරට ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයේ පෙරගමන්කරු ලෙස සැළකෙන රිජ්වේ තිලකරත්න මහතාගේ එකම සොහොයුරාද වනවා.

RECENT ARTICLES - SINHALA

සා.පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට නිදහස් ලකුණු

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහිපයකට නිදහස් ලකුණු දීමට තීරණය කර තිබෙනවා. ඒ, බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක්...

දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

මාතර - පඹුරණ අබේගුණවර්ධන මාවතේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ,...

විදුලිබල පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නිත්‍යානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමුකරන...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...