ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එහි ප්‍රථම ස්ථානය දිනාගත්තා.
කෙසේ වෙතත් තරගය අවසන් කිරීම සඳහා යුපුන් තත්. 10.42ක කාලයක් වාර්තා කර ඇති අතර, එය ඔහුගේ පෞද්ගලික දක්ෂතාවට වඩා සෑහෙන කාල පමාවක්.
මෙහිදී යුපුන්ට කරට කර සටනක් දුන් දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගත් ක්‍රීඩකයන් දෙදෙනාද පිළිවෙලින් තත්. 10.45ක් හා තත්. 10.87ක් ලෙසින් තරගය අවසන් කළා.
යුපුන් දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වන අතර, තත්. 10.00ට අඩුවෙන් මී. 100 ඉසව්වක් අවසන් කළ පළමු දකුණු ආසියානු ධාවකයාද වෙනවා.
ඔහු ස්විට්සර්ලන්තයේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී තත්. 9.96ක කාලයක් වාර්තා කිරීමට සමත් වුණා.
ආබාධ හේතුවෙන් වසරකට වැඩි කාලයක් තරගකාරී මලල ක්‍රීඩා තරගාවලි නියෝජනය කිරීමෙන් වැළකි සිටි යුපුන්ට, ඉකුත් වසරේ චීනයේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලද අහිමි වුණා.
පසුගිය වසරේ මැයි මාසයෙන් පසු පළමුවරට ජාත්‍යන්තර ධාවන පථයට අවතීර්ණ වූ යුපුන්, ඔහු මීට සතියකට පමණ ඉහතදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වු අතර එහිදී ඔහු මීටර් 100 ඉසව්ව තත්. 10.18කින් අවසන් කර තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වුණා.