31 C
Colombo
Saturday, May 11, 2024

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.

ඒ දින හතරක් පුරා පැවති පළමු තරගයෙන් බංග්ලදේශය ලකුණු 328කින් පරාජයට පත් කරමින්.

පළමු තරගයේ දෙවෙනි ඉනිම සඳහා ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ සියල්ලන් දැවි ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 182 ක් පමණයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 280 ක් ලබා ගත් අතර, ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පළමු ඉනිමට රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 188 ක් පමණයි.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිම සඳහා ලකුණු 418 ක් රැස් කරනු ලැබුවා.

වසර 147 ක් ඉපැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් කණ්ඩායමක පිතිකරුවන් දෙදෙනෙකු ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ ලොව තුන්වැනි අවස්ථාව සනිටුහන් කරන්නට ටෙස්ට් නායක ධනංජය ද සිල්වාට සහ කමිඳු මෙන්ඩිස්ට පළමු තරගයේදී හැකියාව ලැබුණා.

පළමු ඉනිමේදී සහ දෙවෙනි ඉනිමේදී ද ද්විත්ව ශතක සබඳතාවක් එක්කළ මේ පිතිකරුවන් සුසංයෝගය වාර්තා පොත් අතරට එක්වුණේ ඉනිම් දෙකේදීම ලකුණු 150ට වඩා ඉහළ සබඳතාවක් ගොඩනැගූ ලොව තුන්වැනි පිතිකරුවන් යුගළ ලෙසටයි.

නායක ධනංජය ද සිල්වා ලකුණු 108ක් රැස් කළේ සිය 12 වැනි ශතකය වාර්තා කරමින්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් සිය දෙවැනි ටෙස්ට් ශතක වාර්තා කරමින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 164ක්.

පළමු ඉනිමේදී ද කමිඳු සහ ධනංජය ශතකලාභින් බවට පත්වෙද්දී, එක් කණ්ඩායමක ක්‍රීඩකයින් දෙදෙනෙකු ජගත් ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ තුන්වැනි අවස්ථාව ද මෙයයි.

RECENT ARTICLES - SINHALA

මරදගහමුල ප්‍රදේශයේදී කාන්තාවකට සහ දරුවකුට පහර දුන් කාන්තාවට පොලිස් අත්අඩංගුවට

දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ආයතනයක අද(11) උදෑසන මාසෙ වැටුප ඉල්ලන්න ගිය කාන්තාවකට සහ දරුවකුට ආයතනයේ හිමිකාරිය විසින් පහර දී තිබුණා. ඉන් පසුව පහර...

ද්විත්ව පුරවැසිකම තියනව නම් නම්බුව තියන් අයින් වෙන්න – ඕමල්පේ සෝභිත හිමි (වීඩියෝ)

ද්විත්ව පුරවැසිකම වැනි අයතා තත්ත්වයන් දරන මන්ත්‍රී පදවියට සුදුසුකම් නැති තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් පමණ පාර්ලිමේන්තුවේ සිටින බවට තොරතුරු වාර්තා වන බව ඕමල්පේ සෝභිත හිමියන්...

බලංගොඩ බිහිසුණු අනතුරකින් පාස​ල් සිසුවියකට බරපතළ තුවාල

බලංගොඩ වැලිගෙපොළ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් සාමාන්‍ය පෙළ විභාගය නිමවා නිවස බලා යමින් සිටි සිසුවියක් බරපතළ තුවා ලබා රෝහල්ගත කර තිබෙනවා. මාර්ගයේ ධාවනය වෙමින්...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...