28.9 C
Colombo
Saturday, May 11, 2024

අමෙරිකාවේ නෞකා අනතුරින් 6 දෙනෙකු මරුට

- Advertisement -

අමෙරිකාවේ බෝල්ටිමෝ වරායේ යාත්‍රා කළ නෞකාවක් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමෙහි ගැටී සිදු වූ අනතුරින් 6 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසන්නේ, එම පිරිස අතුරුදන් වී ඇති කාලය සහ එම ප්‍රදේශයේ ජලයේ උෂ්ණත්වය අනුව බලධාරීන් එම නිගමනයට පැමිණි බවයි.

එලෙස ජලයට වැටී ඇත්තේ, පාලම මත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් සිටි කම්කරුවන් 6 දෙනෙක්.

වෙරළාරක්ෂක බලකාය මේ වන විට සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම අත්හිටුවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

‍නෞකාවේ විදුලි බලය අක්‍රීය වීමත් සමග තත්පර 30කින් පමණ එහි පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහී යාම අනතුරට හේතුව ලෙස අනාවරණ වී තිබෙනවා.

දිගින් මීටර් 300ක් වන අදාල බහාලුම් නෞකාව ඊයේ (26) අනතුරට පත්වුණේ ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බලා යාත්‍රා කරමින් තිබියදී.

RECENT ARTICLES - SINHALA

මූතූර් වෙල්ලනාවල් පාලම කැඩීයාමේ අවදානමක

මූතූර් සාෆි නගර ප්‍රදේශයේ ඇති වෙල්ලනාවල් පාලම කැඩීයාමේ අවදානමකට ලක්වී තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මිට වසර දෙකක පමණ සිටඑම පාලම අබලන් තත්වයට පැමිණෙමින් පවතින බවයි. අවිධිමත් වැලි...

රුසියා – යුක්‍රේන යුද්ධය මැද තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිය ගිහින්

රුසියානු - යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම්...

කෘත්‍රීම බුද්ධිය හා බෞද්ධ දර්ශනය අතර සම්බන්ධය හොයන්න බිලියනයක් වෙන්කරනවා-රනිල්

කෘත්‍රීම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ කිරීමට රුපියල් බිලියනයක මුදලක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා බෞද්ධ සමිතියට...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...