26 C
Colombo
Sunday, May 12, 2024

රජරට සරසවියට සර්කෝනියම් නිපදවීමේ පේටන්ට් බලපත්‍රයක්

- Advertisement -

රජරට විශ්වවිද්‍යාලය සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව ඇති බව රජයේ විශ්වවිද්‍යාල උපකුලපති සංගමයේ සභාපති සහ රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය පවසනවා.

අනුරාධපුරයේදී පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උපකුලපතිවරිය මේ බව අනාවරණය කළා.

ඇය සඳහන් කළේ ලෝකයේ හොඳම ඉල්මනයිට් ලෙස සැලකෙන පුල්මුඩේ ඉල්මනයිට් යොදා ගනිමින් රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ මහාචාර්ය ආනන්ද කරුණාරත්න මහතා ඇතුළු පර්යේෂකයින් කණ්ඩායමක් සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය,

“සර්කෝනියම් යනු රත්රන් වැනි වටිනා ද්‍රව්‍යයක් . මේ වන විට ශ්‍රී ලංකාව ඉල්මනයිට් අපනයනය කළත්  විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වියදම් කරමින් සර්කෝනියම් ආනයනය කරනවා. කෙසේවෙතත්, පේටන්ට් බලපත්‍රය ලැබීමෙන් පසුව දේශීයව නිෂ්පාදනය කරන ලද සර්කෝනියම්,  ජෙට් එන්ජින්, ගුවන් යානා, අභ්‍යවකාශ පටල, සෙරමික්, බල්බ පිලමන්ට් ආදිය සඳහා යොදා ගැනීමට හැකියාව පවතිනවා.

කෙසේ වෙතත්, සර්කෝනියම් නිශ්පාදනය සඳහා වාණිජමය වශයෙන් ආයෝජනය කිරීමට විශ්වවිද්‍යාලයට අවසර නැහැ. එමෙන්ම ඒ සඳහා ඇයවන අධික නිශ්පාදන පිරිවැය දැරීමටද විශ්වවිද්‍යාලයට හැකියාවක් නැහැ. අපට පුලුවන් මේ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙන්න පමණයි. කෙසේවෙතත් මෙවැනි ව්‍යාපෘ තියක් සඳහා ආයෝජනය කරන්න මේ වන විට පෞද්ගලික අංශයේ සමාගම් කිහිපයක් කැමැත්ත පළ කර තිබෙනවා”

මේ අතර, සර්කෝනියම් සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විශ්වවිද්‍යාල 17 අතුරින් පර්යේෂණ අංශයෙන් රජරට විශ්වවිද්‍යාලයට දිවයිනේ ප්‍රථම ස්ථානයට පැමිණීමට හැකිවී ඇති බවද මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය පවසනවා.

රජරට විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක කෘෂිකර්ම, ව්‍යවහාරික විද්‍යා, සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර, වෛද්‍ය සහ සමාන්තර විද්‍යා යන පීඨ සහ පීඨාධිපතිවරුන්ගේ කැපවීමද මේ ජයග්‍රහණය ලබා ගැනීමට විශාල පිටිවහලක් වූ බව ඇය තවදුරටත් පෙන්වා දෙනවා.

එමෙන්ම, රජරට විශ්වවිද්‍යාලය 1996 ජනවාරි 31 දා ශ්‍රී ලංකාවේ 14 වන විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ වී පසුගිය කාලයේ ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 6000 වැනි ස්ථානයේ සිට 3015 වන ස්ථානයට රැගෙන ඒමටද හැකි වූ බව ද උපකුලපතිවරිය මෙහිදී සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, රජරට විශ්වවිද්‍යාලය මෙරට විශ්වවිද්‍යාල අතුරින් 2013 වසරේ 13 වන ස්ථානයේත් 2021 වසරේ 8 වැනි ස්ථානයෙත්, රැඳී සිටිමින්, මේ වසරේ 6 වන ස්ථානයට පැමිණීමට හැකි වූ බවද  මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය පවසනවා.

ඇය තවදුරටත් පවසා ඇත්තේ වසර හතරම විද්‍යාර්ථයින්ට අඛණ්ඩව නේවාසික පහසුකම් සපයන දිවයිනේ එකම විශ්වවිද්‍යාලය රජරට විශ්වවිද්‍යාලය වන අතර මේ වන විට එහි විවිධ ව්‍යාපෘති මෙන්ම පාඨමාලා රැසක්ද ක්‍රියාත්මක වන බවයි.

RECENT ARTICLES - SINHALA

විදෙස් ප්‍රේෂණවල ඉහළ යාමක්

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මේ වසරේදී මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2.079ක මුදල් එවා තිබෙන අතර අප්‍රේල් මාසයේදී...

මහින්දගෙන් රනිල්ට කණේ පාරක්

වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය...

සාමාන්‍ය පෙ​ළ විභාගය නිරීක්ෂණයට විශේ​ෂ අතිරේක නිලධාරීන්

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ශාලා සුපරීක්ෂණයට අතිරේක නිලධාරීන් යෙදවීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ, එම විභාගයේ මෙතෙක්...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...