32 C
Colombo
Saturday, May 11, 2024

බැල්ටිමෝ අනතුරින් අතුරුදන් වූ දෙදෙනෙකුගේ සිරුරු හමු වෙයි

- Advertisement -

පසුගිය අඟහරුවාදා (26) අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේදී ශ්‍රී ලංකාව බලා එමින් තිබූ නෞකාවක් පාලමක ගැටී සිදුවූ අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටි දෙදෙනෙක්ගේ සිරුරු සහන කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා.

එහෙත්, ගඟ තුළ තවත් සිරුරු 4ක් ඇති බවට සැලකෙන අතර ඒවා ඉවත් කිරීම අපහසු කාර්යක් බව සහන කණ්ඩායම් පවසනවා.

ඊට හේතුවී ඇත්තේ පාලමෙහි යකඩ සහ කොන්ක්‍රීට් ගං පතුලේ විසිරී තිබීම බවයි වාර්තා වන්නේ.

එබැවින් අතුරුදන්ව සිටින අනෙක් අයගේ සිරුරු සොයාගැනීම කල්ගත විය හැකි බව වාර්තා

නෞකාව පාලමෙහි ගැටීමත් සමගම එය ගඟට කඩා වැටුණු අතර ඒ අවස්ථාවේ පාලමේ නඩත්තු කටයුතු කරමින් සිටි සේවකයින් 8 දෙනෙක් ගඟට වැටී තිබුණා.

ඉන් දෙදෙනෙක් බේරාගෙන රෝහල් ගත කිරීමට සහන සේවකයින් කටයුතු කර තිබුණා.

අතුරුදන්ව සිටි 6 දෙනාගෙන් සිව් දෙනෙකුගේ තොරතුරු මේරිලන්ඩ් ප්‍රාන්ත බලධාරීන් විසින් හෙළිදරව් කර ඇති බවයි විදෙස් මධ්‍ය පෙන්වා දෙන්නේ.

මේ වන විට සිරුරු සොයාගෙන ඇත්තේ ඇලෙයැන්ද්‍රෝ හර්නැන්දස් ෆුයෙන්ටස් 35 හැවිරිදි මෙක්සිකෝ ජාතිකයෙක් සහ 26 හැවිදිරි ඩොර්ලියන් රෝනියල් වන ග්වතමාලා ජාතිකයෙක්.

මිගුවෙල් ලුනා (එල් සැල්වදෝරය) සහ මෙනොර් සුවාසෝ (හොන්ඩුරාස්) ලෙස හඳුනාගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා ද අතුරුදන් බවයි වාර්තා වන්නේ.
  

RECENT ARTICLES - SINHALA

කැබ්-ලොරි රථ අනතුරකි​න් කාන්තාවක් මරුට

දඹුල්ල දිගම්පතහ අතරමැද කඳවුර ආසන්නයේ​දී විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් සහ ලොරි රථයක් ඊයේ (10) රාත්‍රීයේ අනතුරකට ලක්ව තිබෙනවා. පොලීසිය...

අපි හොරු අල්ලලා දඬුවම් දෙනවා- රංජිත් මද්දුම බණ්ඩාර

අපි අද ජිවත් වන්නේ බංකොලොත් වුණ රටක බව සජබ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඒ රටේ සමහර දේශපාලඥයින්, නිලධාරීන් සහ වෙනත් පුද්ගලයින් මහජන දේපළ...

පොලිස් අණනොතකා ගිය යතුරු පැදිකරු අනතුරකින් මරුට

යාපනය පුන්නාලේ කට්ටුවාන් ප්‍රදේශයේදී යතුරු පැදියක් විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එ​ම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදිකරු පොලිසිය මඟහැර යාමට උත්සහ කළ අවස්ථාවේ​දී...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...