28 C
Colombo
Monday, May 20, 2024

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

- Advertisement -

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ඉංග්‍රීසි භාෂා විෂය පැවැත්වෙන අතරතුර එය whatsapp ඔස්සේ සංසරණය කර ඇති බවයි.

විභාග අපේක්ෂකයින් වංචා සහගතව පිළිතුරු ලිවීම සඳහා එලෙස whatsapp මගින් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සංසරණය කර ඇති බව ඔහු පැවසුවා.

විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කළේ ඉන් ඉංග්‍රීසි භාෂාව විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවයට බලපෑමක් වී නොමැති බවයි.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයේ දෝෂ ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දිනය මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වෙන විවාදය සඳහා දින නියම වී තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 4ක් ඉන්දියාවේදී අත්අඩංගුවට 

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට (වීඩියෝ)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...