25 C
Colombo
Monday, May 13, 2024

තණකොළ කපමින් සිටි පුද්ගලයෙක්ව ලොරියක් යට කරගෙන ගිහින්

- Advertisement -

යාපනය – පුන්නාලෙයි කට්ටුවාන් ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගෙවත්තකඩ කඩාවැදීමෙන් ගෙවත්තේ සිටි වයොවෘද්ද අයෙකු ලොරියට යටවී මිය ගොස් ඇතැයි වාර්තා වනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ, 65 හැවිරිදි ‌ජේ.රාජන් නැමති ගොවියෙක් බව වාර්තා වනවා.

පලාලි සිට යාපනය දෙසට මෙම ලොරි රථය පුන්නාලෙයි කට්ටුවාන් මංසන්ධියේදී අධික වේගයකින් ධාවනය වී ඇති බවටත්, එහිදී ලොරි රථයේ වේගය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව විදුලි රැහැන් කණුවක්ද කඩාගෙන තවත් වාහනයක ගැටී අසල ගෙවත්තකට කඩාවැදී ඇති බවටත් වැඩිදුරටත් වාර්තා වනවා.

ඒහිදී ගෙවත්තේ කුඩා යන්න්‍රයකින් තණකොළ කපමින් සිටි නිවැසියා ලොරි රථයට යටවී බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

විභාග වංචා ගැන හොයන්න විශේෂ වැඩපිළිවෙළක්

විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා , දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරින් කණ්ඩායමක්...

මධ්‍යම පළාතේ රෝහල්වල අද සෞඛ්‍ය වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් අද (13) උදෑසන මධ්‍යම පළාතේ රෝහල් තුළ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. එම...

කුලියාපිටියේ තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ ඝාතනයට ආධාර අනුබල දීම සහ අපරාධය වසන් කිරීමේ චෝදනා මත සැකකාරිය...

POPULAR ARTICLES

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...