28.4 C
Colombo
Sunday, May 12, 2024

විදුලිසැර වැදී සිසුන් දෙදෙනෙක් රෝහලේ

- Advertisement -

දෙනියාය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිවාස ඉදිකිරිම සඳහා උණ ගස් කැපිමට ගිය විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට විදුලිසැර වැදිම හේතුවෙන් රෝහල්ගත කර තිබෙන බවට වාර්තා වනවා.

විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඊයේ (28) දින පැවැත්විමට නියමිතව තිබු අතර ක්‍රීඩා උත්සවයේ නිවාස ඉදිකිරිම අවශ්‍ය උණ ගස් කැපිම සඳහා විද්‍යාල භුමියේ පිහිටි උණ පඳුරකින් උණ ගසක් කැපීමට විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු විසින් කටයුතු කර තිබෙනවා.

එහිදි කපන ලද උණ ගසක් අසල ස්ථාපිත කොට ඇති විදුලි ට්‍රාන්ස්ෆෝමර්යට සවි කර ඇති අධිබලැති විදුලි රැහැන් පද්ධතියක ගැටීම නිසා සිසුන් දෙදෙනාට විදුලි සැර වැදි ඇති බවයි සදහන් වන්නේ.

එහිදි විදුලි සැර වැදුනු සිසුන් දෙදෙනා කඩිනමින් දෙනියාය මුලික රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති අතර අනතුරුව එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරු කර යැවිමට පියවර ගෙන තිබෙනවා.

එම අනතුරින් රෝහල්ගත කොට ඇත්තේ දෙනියාය ප්‍රදේශයේ පදිංචි සිසුන් දෙදෙනෙකු වන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රීලනිප ට නව වැඩ බලන මහලේකම් කෙනෙක් පත් කෙ​රේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා...

සොරකම් රැසකට සම්බන්​ධ 15 හැවිදිරි දරුවෙක් අත්අඩංගුවට

ත්‍රීරෝද රථ ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ වයස අවුරුදු 15ක පිරිමි දරුවෙකු එගොඩ උයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ මොරටුව කටුකුරුන්ද...

දැඩි උණුසුමෙන් චර්ම රෝග ඉහළ යෑමක්

උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග මේ දිනවල චර්ම රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...