32 C
Colombo
Saturday, May 11, 2024

කෙහෙළිය කැබිනට් එකත් නොමඟ යවලා

- Advertisement -

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9දෙනා අප්‍රේල් මස 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (28) නියෝග කළා.

මෙහීදී කරුණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රකාශ කළේ ඖෂධ රට තුළ අවශ්‍ය ප්‍රමාණයට පැවතියද තුන්වන ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඖෂධ හිඟයක් ඇතැයි කැබිනට් මණ්ඩලය නොමඟ යවා ඇති බවයි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ යළි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගනු ලැබුවා.

මෙම නඩුවට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9දෙනාද එම අවස්ථාවේදි අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර නඩුව ආරම්භයේදි, මෙතෙක් සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතිය හා සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය විවෘත අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණා.

”ස්වාමීනි, මෙම ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ලැයිස්තු තුනක් මේවන විට අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඉන් පළමුවැන්න ඖෂධ 182ක් සම්බන්ධවත්, දෙවැන්න ඖෂධ 285ක් සම්බන්ධවත්, තුන්වැන්න ඖෂධ 317ක ලැයිස්තුවක් සම්බන්ධවත් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එක සහ දෙක යන ලැයිස්තු සම්බන්ධ විමර්ශන අවසන් කර මේ වෙද්දිත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන්නේ. 317කින් යුතු 3 වැනි ඖෂධ ලැයිස්තුව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තාව මෙසේයි”.

“ස්වාමීනි, මෙම 317ක ඖෂධ ලැයිස්තුවෙනුත් ඖධෂ 92ක් හැරුණුකොට සෙසු සියලු ඖෂධ පළමු සහ දෙවැනි ඖෂධ ලැයිස්තුවල පැවති ඖෂධමයි. එම 92නුත් ඖෂධ 87ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික සැපයුම්කරුවන් මගින් ඒවන විටත් සපයාගෙන තිබුණ ඒවා. ඒවායේ තොග ඒ වනවිටත් රට තුළ ප්‍රමාණවත් පරිදි තිබුණා ස්වාමීනි. ඒ අනුව රට තුළ ඖෂධ හිඟයක් පිළිබඳ තුන්වන ලැයිස්තුවක් ද ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලයට ඒත්තුගැන්වීම සහ ඖෂධ හිඟයක් පිළිබඳ හුවා දැක්වීම සාවද්‍ය කරුණක්.”

අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරියගෙන් නියෝග කිහිපයක් ඉල්ලා සිටි බව සඳහන්.

ඉන් පළමුවැන්න වූයේ 2022 නොවැම්බර් 30 සිට 2023 ජනවාරි 4 වැනිදා දක්වා කාලය තුළ මෙම හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැප් නම් ඖෂධ වර්ග දෙක ලබාදුන් රෝහල්, එම රෝහල්වල වාට්ටු අංක සහ ඖෂධ ලබාදුන් රෝගීන්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන ලෙසයි.

එමෙන්ම ඉන් අසාත්මිකතා මතුවී මරණයට පත්වූ අය පිළිබඳ හා ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මෙන්ම මෙම ඖෂධ ලබාගෙන ජීවතුන් අතර සිටින රෝගීන් පිළිබඳ වාර්තා 2024.05.30 දිනට පෙර ඉදිරිපත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරන ලෙසද ඉල්ලා තිබුණා.

මෙම එන්නත් වර්ග දෙක වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වුවාද? එම පරික්ෂණය සිදු කරනු ලැබුවේ කවුරුන්ද? විමර්ශන අවසන් නම් එම විමර්ශන මගින් මේ වනවිට යෝජනා කර තිබෙන නිගමන හෝ නිර්දේශ මොනවාද? යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් වාර්තාවක් කැඳවීමේ නියෝගයක් ලබාදීම අනෙක් ඉල්ලීමයි.

මෙම ඉල්ලීම් සඳහා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අවසර ලබාදී තිබුණා.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9දෙනා අප්‍රේල් මස 8 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

එයාලට ඕනේ විදියට මේ පක්ෂය නටවන්න දෙන්නේ නෑ – සේනක ද සිල්වා

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන, අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතා ඊයේ (10) කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක්...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...

දන්සැල්වලට සතොසෙන් විශේෂ වට්ටමක්

එළඹෙන වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබා දීමට ලංකා සතොස...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...