28.9 C
Colombo
Saturday, May 11, 2024

ජනපති සටනට මමත් එනවා – පාඨලී

- Advertisement -

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ජන හමුවක් පසුගිය 27 වන දා හෝමාගම, පනාගොඩ ප්‍රදේශයේ පවත්වා තිබුණා.

එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව මේ වන විට පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් හා දේශපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන බවත් ඉදිරියේදී දේශපාලන සන්ධානයක් ගොඩනැඟීමට බලාපොරොත්තු වන බවත් පාඨලී චම්පික රණවක මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාඨලී චම්පික රණවක මහතා,

“එක්සත් ජනරජ පෙරමුණේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව මේ වන විට පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් හා දේශපාලන කණ්ඩායම් සමග අපි සාකච්ඡා කරනවා. ඒ වගේම අපි ඉදිරියේදී දේශපාලන සන්ධානයක් හදනවා. ඒක දේශපාලන සන්ධානයක් පමණක් නොවේ රට ගොඩනැඟීමේ සන්ධානයක්. ඒ සන්ධානයේ අපේක්ෂකයා හැටියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න කියා මගෙන් ඉල්ලීමක් කළොත් මම ඒ අභියෝගය භාරගන්නවා. මට කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම මට විශ්වාසයි මේ රට ගොඩනගන්න මට පුළුවන් කියලා.”

RECENT ARTICLES - SINHALA

ලැට්වියාවට පනින්න ගිය ලංකාවේ පහක් අත්අඩංගුවට

ලැට්වියා දේශසීමාව හරහා නීතිවිරෝධී සංක්‍රමණිකයින් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසනවා. මීට දින කිහිපයකට පමණ පෙර එරට...

හෙරොයින් බෙදාහැරි කෝප්‍රල් රිමාන්ඩ්

හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක සමග එම ජාවාරමේ නිරත වු බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාවික හමුදා කෝප්‍රල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර...

මරදගහමුල ප්‍රදේශයේදී කාන්තාවකට සහ දරුවකුට පහර දුන් කාන්තාවට පොලිස් අත්අඩංගුවට

දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ආයතනයක අද(11) උදෑසන මාසෙ වැටුප ඉල්ලන්න ගිය කාන්තාවකට සහ දරුවකුට ආයතනයේ හිමිකාරිය විසින් පහර දී තිබුණා. ඉන් පසුව පහර...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...