26 C
Colombo
Sunday, May 19, 2024

තායිවානයේ භූකම්පනයෙන් පුද්ගලයින් 127 දෙනෙකු අතුරුදහන්

- Advertisement -

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් අද (03) සිදු වූ රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වනවා.

තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 800 දක්වා ඉහළ ගොස් ඇති අතර 127 දෙනෙකු අතුරුදහන් බවට වාර්තා වනවා.

තායි පේ භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කළේ භූ කම්පනයත් සමග කඳුකර ප්‍රදේශවල නායයෑම් සහ ගල් පෙරලීම නිසා මාර්ග සහ දුම්රිය මාර්ග රැසක් අවහිර වූ බවයි.

එසේම ගොඩනැගිලි සහ උමං මාර්ගද කඩා වැටී ඇති අතර, ඒ තුළ සිර වී සිටින පුද්ගලයින් බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

තායිවානයේ හූ ආලින් නගරයට දකුණින් කිලෝමීටර් 18 ක් පමණ දුරින් සිදු වූ මෙම කම්පනය සැලකෙන්නේ වසර 25 කට පසු එරට සිදු වූ ප්‍රබලම භූ කම්පනය ලෙසයි.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...