29 C
Colombo
Friday, May 17, 2024

ඉතාලියේ ජල විදුලි බලාගාරයක පිපිරීමක්

- Advertisement -

ඉතාලියේ ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තාවල සඳහන් වන්නේ උතුරු ඉතාලියේ සුවියානා විලෙහි පිහිටා ඇති මෙම ජල විදුලි බලාගාරයේ තවත් සේවකයින් පිරිසක් අතුරුදන් වී ඇති බවයි.

විලෙහි මතුපිට සිට මීටර 30ක් පමණ ජල අභ්‍යන්තරයේ අදාළ පිපිරීම සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජල අභ්‍යන්තරයේ සිදු කළ නඩත්තු කටයුත්තක් අතරතුරදී එහි ටර්බයිනයක් පුපුරා යාමෙන් ගින්නක් හටගෙන ඇති බවයි.

දැඩි පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් ගුවන් මගින් රෝහල් කරා රැගෙන ගොස් තිබෙනවා.

සුවියානා විල, 1932 වසරේදී කෘතිමව ඉදිකර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.

RECENT ARTICLES - SINHALA

මෙහෙකාර දැරිය පිලිස්සි මියයෑමේ නඩුවෙන් රිෂාඩ් නිදහස්

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක මීට වසර 3කට පෙර පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළව රිෂාඩ්...

සාපෙළ ප්‍රතිඵලවලට කලින් උසස් පෙළ පටන් ගැනීම ගැටලු සහගතයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ දීමට...

නිලාවේලි වෙරළේ නවතා තිබූ යාත්‍රාවකට ගිනි තියලා

නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසනවා. මෙම යාත්‍රාව සම්බන්ධයෙන් කලක සිට තවත් පාර්ශවයක් සමග...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...