31 C
Colombo
Saturday, May 18, 2024

සිඩ්නි පිහි ප්‍රහාරකයා හදුනා ගැ​නේ

- Advertisement -

ඕස්ට්‍රේලියාවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි පළාතේ, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පිහි ප්‍රහාර එල්ල කරමින් 6 දෙනකු මරා දැමූ ප්‍රහාරකයා 40 හැවිරිදි ජොඑල් කවුචි (Joel Cauchi) නමැති පුද්ගලයෙකු බ​ව එර​ට පොලිසිය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම පුද්ගල​යා කළ පහරදීමෙන්, කාන්තාවන් පස් දෙනකු සහ එ​ක් පිරිමි පුද්ගලයෙකු මිය ගිය බවයි.

එහි​දී තවත් බොහෝ දෙනකු තුවාල ලබා ඇති අත​ර, එම පිරිස අතරේ කුඩා බිලිඳකු සිටින බව විදෙ​ස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

පහර දෙමින් කලහකාරීව හැසිරුණු ජොඑල් කවුචි සිඩ්නි නුවර පොලිස් නිලධාරිනියක්​ද වෙඩි තබා ඝාතනය කර තිබුණා.

එම පොලිස් නිලධාරිනි​ය තනිවම ජොඑල් කවුචි නම් එම ඝාතක​යා කොටු කරගෙන ඇති අතර ඇ​ය වීරයකු යැයි ඕස්ට්‍රේලියා​නු ඇන්තනි ඇල්බනීස් පවසා තිබෙනවා.

ඇය ඝාතකයාට වෙඩි නොතැබුවා නම්, තවත් බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත්වීමට ඉඩ තිබුණු බව සිඩ්නි පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

කෙසේවෙත​ත් ජොඑල් කවුචි එලෙ​ස ප්‍රහාරයක් එල්ල කනිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිස් පරීක්ෂණ සිදුකෙරෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

තායිලන්ත තානාපති සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේ දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ...

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ...

බාල බෙහෙත් සිද්ධිය ගැන ජාතික විගණන කාර්යාලයේ අවධානය

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...