26 C
Colombo
Saturday, May 18, 2024

දිපේන්ද්‍ර සිං​ගේ වාර්තාග​ත හයේ හය​

- Advertisement -

20 යි 20 ක්‍රිකට් තරඟයක​දී පන්දුවාරයක් තුළදී හයේ පහර හයක් එල්ලකළ තුන්වන ක්‍රීඩකයා ලෙස ක්‍රිකට් වාර්තා පොතට එක්වීමට නේපාල ක්‍රිකට් ක්‍රීඩක දිපේන්ද්‍ර සිං සමත්ව තිබෙනවා.

ඒ ආසියානු ප්‍රිමියර් කුසලාන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි​යේ කටාරයට එරෙහිව Al Amerat හි පැවැති තරගයේදීයි.

ඒ අනුව සුපිරි ක්‍රීඩකයින් වන යුවරාජ් සිං සහ කිරන් පොලාඩ්ගෙන් පසුව ජාත්‍යන්තර 20-20 පිටියේ පිට පිට පන්දු 6 කදී හයේ පහරවල් 6ක් වාර්තා කළ පිතිකරුවා බවට දිපේන්ද්‍ර සිං පත්වුණා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මොංගෝලියාවට එරෙහිව පැවති තරඟයක​දී පන්දු 9කින් අර්ධ ශතකයක් වාර්තා කරමින් 20/20 පිටියේ වේගවත්ම අර්ධ ශතක ලාභියා ලෙසද දිපේන්ද්‍ර සිං ක්‍රිකට් වාර්තා පොතට එක්වුණා.

තරඟ​යේ පළමුව පන්දුවට පහර දුන් නේපාලය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවි ලකුණු 210ක් රැස්කළා.  

එහි අවසන් පන්දුවාරයේදී ක්‍රියාත්මක වූ  දිපේන්ද්‍ර සිං පිට පිට පන්දු 6 කදී හයේ පහරවල් 6ක් වාර්තා කිරීමට සමත්වුණා.

එහිදී දීපේන්ද්‍ර සිං පන්දු 21කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 64ක්.

කටාර් රාජ්‍යට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 178ක් පමණයි.

RECENT ARTICLES - SINHALA

රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146කට උසස්වීම්

හෙට (18) දින සමරනු ලබන රණවිරු සැමරුම් දිනයට සමගාමිව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146කට උසස්වීම් ලබාදීමට නියමිතයි. සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපතිතුමාගේ අනුමැතිය...

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක්

දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් සඳහා ගුරු පුරප්පාඩු 700ක් පමණ පළාත් පාසල්වල පවතින බව බස්නාහිර පළාත් සභාව පවසනවා. එහි ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන්...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...