33 C
Colombo
Friday, May 3, 2024

කොවිඩ් මරණ 2 ක් රහසිගතව භූමදානය කල නිසා ගම් කිහිපයක් හුදෙකළා කෙරේ

- Advertisement -

කොවිඩ් 19 වෛරසය ආසාදිතය මියගිය පුද්ගලයින් දෙදෙනෙකු රහසිගතව භූමදානය කිරීමේ සිදුවීමක් වාර්තාවීම නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් හුදෙකළා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.

ත්‍රිකුණාමලය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍වෛද්‍ය ඩී. ජී. එම්. කොස්තා මහතා පවසන්නේ වෛද්‍ය සේවාවන් ලබාගැනීමට දුෂ්කරවූ කින්නියාහී දුරබැහැර ගම්මානවල මෙලෙස කොවිඩ් ආසාදිතව මිය යන සිරුරු රහසිගතව භූමදානය කරන බවට තොරතුරු වාර්තා වන බවයි.

ඒ අනුව ඊයේ (14) දිනයේ සිට අදාළ ගම්මාන හුඳෙකළා කිරීමට කටයුතු කල බවයි.

එමෙන්ම අදාළ සිදුවීම පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඔහු සදහන් කරනවා.

ඒ අනුව මේ වන විට කින්නියා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් ‍12 ක් හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

නිවෙස් දෙකකින් බිරිඳගේ සහ සැමියාගේ මළ සිරුරු හමුවෙලා

වවුනියාවේ නෙඩුන්කේණී කිරිසුට්ටාන් ප්‍රදේශයේ නිවෙස් දෙකක තිබී අඹු සැමි යුවලකගේ මළ සිරුරු නෙඩුන්කේණී පොලිසිය විසින් ඊයේ (02) සවස සොයා ගෙන තිබෙනවා. ප්‍රධාන නිවසේ පදිංචිව සිටි...

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...