26 C
Colombo
Saturday, May 18, 2024

බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් 

- Advertisement -

මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

කෙසේවෙතත්, දෙපාර්ශ්වයටම එකඟතාවයකට පැමිණිය හැකි පොදු පදනමක් ඇති කරගැනීමට ඉදිරි සති කිහිපය තුළ කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර බැඳුම්කරහිමියන් සමඟ පැවති සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ දැනුවත් කරමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඊයේ (16)  පැවසුවේ, පසුගිය මාර්තු මස අවසානයේ දී ලන්ඩන් නුවර පැවති සාකච්ඡාවලදී කරුණු 4ක් සම්බන්ධයෙන් ගැටලුකාරීත්වයක් පැන නැඟුණු බවයි.

කෙසේවෙතත්, ඉන් කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බවත් සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවත් සාගල රත්නායක මහතා සඳහන් කළා.

මේ අතර මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය අද නිවේදනය කළේ, ශ්‍රී ලංකාව විසින් පියවිය යුතු මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් එම බැඳුම්කරහිමියන්ගේ නියෝජිත කමිටුව සමග පසුගිය සති තුන මුළුල්ලේ පැවැත්වූ මූලික වටයේ සාකච්ඡා අවසන් කළ බවයි.

එම සාකච්ඡාවලදී ප්‍රතිව්‍යුහගතකරණ කොන්දේසි පිළිබඳ අවසන් එකඟතාවක් ඇති නොවූ බව සඳහන්.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා ණය වැඩසටහනේ දෙවැනි ඇගයීම සලකා බැලීමට පෙර ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරහිමියන් සමග පොදු එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරහිමියන් සඳහා පියවිය යුතු මුළු ණය මුදල ඇස්තමේන්තු කර ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 12ක් ලෙසයි.

RECENT ARTICLES - SINHALA

රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146කට උසස්වීම්

හෙට (18) දින සමරනු ලබන රණවිරු සැමරුම් දිනයට සමගාමිව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146කට උසස්වීම් ලබාදීමට නියමිතයි. සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපතිතුමාගේ අනුමැතිය...

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක්

දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් සඳහා ගුරු පුරප්පාඩු 700ක් පමණ පළාත් පාසල්වල පවතින බව බස්නාහිර පළාත් සභාව පවසනවා. එහි ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන්...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...