26 C
Colombo
Friday, May 17, 2024

නිවසකට පැන කතකගේ දත් කැඩූ කොස්තාපල් රිමාන්ඩ්

- Advertisement -

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවට පුවතක් ‘ලංකාදීප’ වාර්තා කරනවා.

කපුගොල්ලෑව පොලිසිය සඳහන් කර ඇත්තේ සැකකරු මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් කොස්තාපල්වරයා පසුගිය 13 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ අනුරාධපුර තිරප්පනේ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙක්.

පහර කෑමට ලක්වූ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඇයගේ දත් දාහතරක් කට තුළට නෙරා ගොස් ඇති අතර එම දත් නැවත සකස් කිරීමට ශල්‍යකර්මයක් කළ යුතු බවට දන්ත වෛද්‍යවරුන් ඇය පරීක්ෂා කර බලා නිර්දේශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

කපුගොල්ලෑව පොලිසිය සඳහන් කර ඇත්තේ අවුරුදු හතළිහක වයසේ පසුවන පහර කෑ කාන්තාවගේ පුත්‍රයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ සහෝදරයකු සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

RECENT ARTICLES - SINHALA

රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146කට උසස්වීම්

හෙට (18) දින සමරනු ලබන රණවිරු සැමරුම් දිනයට සමගාමිව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146කට උසස්වීම් ලබාදීමට නියමිතයි. සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපතිතුමාගේ අනුමැතිය...

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක්

දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් සඳහා ගුරු පුරප්පාඩු 700ක් පමණ පළාත් පාසල්වල පවතින බව බස්නාහිර පළාත් සභාව පවසනවා. එහි ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන්...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...