28 C
Colombo
Tuesday, May 21, 2024

සර්වෝදය නිර්මාතෘ ඒ. ටී. ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

- Advertisement -

සර්වෝදය නිර්මාතෘ හා සම්මානිත සභාපති ආචාර්ය ඒ. ටී ආරියරත්නයන්ගේ දේහය මහජන ගෞරවය පිණිස අද (17) සවස 6.00ට සර්වෝදය මූලස්ථානයේ දම්සක් මැදුරේ තැන්පත් කිරීමට නියමිතයි.

ඒ මහතාගේ දේහය අද (17) සිට ලබන සෙනසුරාදා (20) මධ්‍යහ්න දක්වා මහජන ගෞරවය පිණිස නො. 98, රාවතාවත්ත මොරටුව සර්වෝදය මූලස්ථානයේ දම්සක් මැදුරේ තැන්පත් කෙරෙනු ඇති.

අනතුරුව එදිනම සවස දේහය සර්වෝදය මූලස්ථානයේ සිට කොළඹ 7 නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට රැගෙන යාමට නියමිතයි.

සර්වෝදය දැනුම් දී ඇත්තේ දේහය පිළිබද අවසන් කටයුතු, රාජ්‍ය ගෞරව සහිතව එදිනම සවස 4.00ට ආගමික වතාවත්වලින් අනතුරුව සිදුකිරීමට නියමිත බවටයි.

සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා ඊයේ (17) රාත්‍රියේ  අභාවප්‍රාප්ත වුණා.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණු ඒ මහතා මියයන 93 වැනි වියේ පසු වුණා.

1931 වසරේදී උපත ලද ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කලක් කටයුතු කළ ආරියරත්න මහතා 1950 දශකයේදී එතුමාගේ සංකල්පයකට අනුව බිහි කළ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය දශක 06ක් පුරා මෙරට සරණක් අවැසි ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ සංවිධානයක්.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය වන සර්වෝදය ව්‍යාපාරය වෙනුවෙන් දෙස් විදෙස් ඇගයීම් රැසකට ද ආරියරත්න මහතා පාත්‍ර වුණා.

ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් මෙරට පිරිනැමෙන ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ඔහුට පිරිනැමෙන්නේ 2007 වසරේදීයි.


RECENT ARTICLES - SINHALA

ගසක් කඩා වැටීමෙන් කොළඹ පාරක් අවහිර වෙයි

බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබෙනවා. අද (21) උදෑසන මෙම ගස කඩා වැටී ඇති අතර, ඒත් සමග...

Breaking: ඩයනාට ඇප

අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව...

ආයෝජන මණ්ඩල සේවකයින් ආණ්ඩුවට එරෙහිව පාරට බැහැලා

'ආර්ථික පරිවර්තන මුවාවෙන් ආයෝජන කලාප ගජ මිතුරන්ට විකිණීම නවතනු’ යන මැයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සේවකයින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. අද (21) දහවල් 12 ට...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...