26 C
Colombo
Friday, May 17, 2024

නිවසක් තුළ තිබී පිළිස්සුණු සිරුරක් හමු වෙයි

- Advertisement -

නිවසක් තුළ ඇඳක් මත ගින්නකට හසුවී සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් අද (17) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙක්.

උඩවලව කොළඹගේ ආර ප්‍රදේශයේ නිවසක් තුළ ඔහු මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ නිවස ආසන්නේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන ඔහුගේ බිරිඳ සමග අද අලුයම් කාලයේදී ආරවුලක් ඇති කරගැනීමෙන් අනතුරුව ඔහු නිවසට පැමිණ සිරුරට ගිනි තබාගෙන ඇති බවට බිරිඳ පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් උඩවලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

කැමති වුණත් නැති වුණත් රනිල් එක්ක මේ ගමන යන්න වෙනවා – නිමල් බණ්ඩාර

‍රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගැනීමෙන් අනතුරුව රටේ ගැටලු බොහෝමයකට විසඳුම් ලැබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසනවා. අද...

සා.පෙළ ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඇතිවූ සියලු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදුන් සිසු දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත්...

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසේ

අධික වර්ෂාපතනයත් සමග ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ගල් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් අද (17) හවස 08 සිට හෙට (18) උදෑසන 06 දක්වා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...