26 C
Colombo
Friday, May 17, 2024

වසර 34කට පසුව කොටු වූ ඝාතකයා

- Advertisement -

වසර 34ක් පුරා අධිකරණය මඟහැර සැඟවී සිටි අපරාධකරුවෙකු ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 68 හැවිරිදි කොළඹගේ සරත්චන්ද්‍ර සුමනසේකර නොහොත් නන්දන සුමනසේකර නමැති අයෙක්.

1989 වසරේ දී විදුලිබල මණ්ඩල මූලස්ථානයේ සේවයේ නිරතව සිටි ඉංජිනේරුවකු වන ආචාර්ය ඩබ්. අමරසිරි නමැති අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වරදකරු ඔහු වන බව සඳහන් වනවා.

මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබුණේ මිය ගිය තැනැත්තාව අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ ඇඹුල්ගම පාරේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ නිවෙසකට ගෙන්වාගෙන ඝාතනය කර තිබූ බවයි.

ඉන් අනතුරුව මරණකරුගේ සිරුර කොටස්වලට කපා බැරලයක බහා වළ දමා තිබුණේ, 1989 වසරේ ජනවාරි 13දා.

මෙම ආරවුල අනියම් ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන ඇති වූ බව සඳහන්.

ඝාතනයට ලක් වූ ඉංජිනේරුවා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වමින් සිටි අත්අඩංගුවටගත් නන්දන සුමනසේකරගේ බිරිඳ එකල අවුරුදු 32ක කාන්තාවක්.

විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක ලෙස ඇය එකල සේවය කර ඇත්තේ ඝාතනයට ලක් වූ ඉංජිනේරුවා සමඟයි.

ලංගම වේලා සටහන්කරුවකු ලෙස සේවයේ නිරතව සිට පූගොඩදී ඊයේ අත්අඩංගුවට පත් සිය සැමියා සමඟ ඇය පදිංචිව සිට ඇත්තේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ පිහිටා තිබූ නිවසකයි.

අනියම් ඇසුර දැනගැනීමට ලැබීමෙන් පසු ඔහු විසින් තම බිරිඳ මාර්ගයෙන් අනියම් සැමියා වූ විදුලි ඉංජිනේරුවා නිවෙසට ගෙන්වාගෙන හිසට මෝල්ග‍සකින් පහර දී, පසුව ගෙල කපා, සිරුරද කොටස්වලට වෙන් කර බැරලයක බහා තිබෙනවා.

මේ සඳහා ඔහු සිය බිරිඳගේ සහාය ද ලබාගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

ඉංජිනේරුවා මරා දමා පලා ගොස් සිටි යුවළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර ඉන් අනතුරුව පැවැති නඩු විභාගයකින් හෝමාගම මහාධිකරණය විසින් 1990 වසරේදී මරණ දඬුවම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ වනවිට මෙම යුවළ ඇප ලබා අධිකරණ මඟහැර සිට තිබෙනවා.

පසුව ඔවුන් වෙනත් නම්වලින් ඔවුන් පෙනී සිට ඇති අතර බිරිය පසුගිය පෙබරවාරියේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පාණදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ දීයි.

ප්‍රධාන සැකකරු පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියකු ලෙස සේවයේ නිරතව තිබෙනවා.

දුරකතන ජාල විශ්ලේෂණයකින් අනතුරුව මොවුන් මෙලෙස කොටු කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමත්වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

නිලාවේලි වෙරළේ නවතා තිබූ යාත්‍රාවකට ගිනි තියලා

නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසනවා. මෙම යාත්‍රාව සම්බන්ධයෙන් කලක සිට තවත් පාර්ශවයක් සමග...

රට වෙනුවෙන් ඕනම තීන්දුවක් ගන්න මම සුදානම්-මහින්ද (වීඩියෝ)

ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තමන් අනුමත නොකරන බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

වර්ජනය නිසා 150,000කගේ උපාධිය අවසන් කිරීම කල් ගිහින්

විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...