29 C
Colombo
Friday, May 17, 2024

රනිල්ට ඕන අනුරව බලයට ගේන්න – ඩිලාන්

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකදී ඩිලාන් පෙරේරා මහතා මේ බව සඳහන් කළා.

එහිදී ඩිලාන් පෙරේර මහතා පවසා ඇත්තේ තමාට මෙවර ජනාධිපතිවරණයෙන් කිසිසේත්ම ජයග්‍රහණය කිරීමට නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා හොඳින් දන්නා බවයි.

ඒ හේතුවෙන්, නැවත බලයට පත් වීමේ අපේක්ෂාවෙන් රට තවත් අඝාදයකට රැගෙන යන කණ්ඩායමක් රටේ භාරකාරීත්වයට පත් වනු දැකීම රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී ඇති බවත් ඩිලාන් පෙරේර මහතා පෙන්වා දෙනවා.

සජබ ප්‍රමුඛ සන්ධානයක් බලයට පත් වුවහොත් රටේ ඉදිරි ගමන මේ තත්වයෙන්ම පවත්වා ගැනීමට හැකියාව ඔවුන්ට පවතින බවත් ඒ හේතුවෙන් වඩාත් හොඳ විකල්පය අනුර දිසානායක ප්‍රමුඛ බලවේගයකට රටේ බලය හිමි වීම බව රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කරන බවත් ඩිලාන් පෙරේර මහතා මෙහිදී පවසා තිබෙනවා.

ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ අනුර දිසානායක ජනාධිපති ධූරයේ අසාර්ථක වූ පසු රනිල් වික්‍රමසිංහ රට ගොඩගත් ආකාරය රටේ ජනතාවට ඒත්තු ගැන්වෙන ආකාරයේ ක්‍රියාදාමයක් සිදුවන අතර ඒ අනුව රනිල් වික්‍රමසිංහ නැවත මේ රටේ ජනාධිපති ලෙස පත් වීමට අපේක්ශා කරන බවයි.

RECENT ARTICLES - SINHALA

මුහුදු යන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

මුහුදුබඩ ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා. කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට...

ලංකාවට පරීක්ෂණ නැව් නොඑන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා පෙන්වා දී...

සචිත්‍රගේ කටහඬ පරීක්ෂණ වාර්තාව පමා වෙලා

මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට අදාළ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...