29 C
Colombo
Friday, May 17, 2024

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

- Advertisement -

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වාර්තා වෙනවා.

පසුගිය 17 වනදා අදාළ ගැබිනි මව ප්‍රසව වේදනාව හේතුවෙන් නාගදීප මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා.

අනතුරුව  එහි වෛද්‍යවරුන් දැනුම් දී ඇත්තේ ගැබිනි මව යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යා යුතු බවයි.

නාගදීපය සිට යාපනය ශික්ෂණ රෝහලට යාමට නම් නාගදීපය ජැටියේ සිට මුහුදු මාර්ගයෙන් කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා ගමන් යාපනය ශික්ෂණ රෝහලට යා යුතු වෙනවා.

එම අවස්ථාවේදී ගිලන් වූ පුද්ගලයින් ප්‍රවාහනය කරනු ලබන ගිලන් මුහුදු යාත්‍රාව නොමැති වූ හෙයින් නාගදීපය වන්දනා කිරීම සඳහා යාත්‍රා කරනු ලබන මගී යාත්‍රාවක් වෙතට අදාළ ගැබිනි මව ඇතුළත් කොට කූරිකඩ්ඩුවාන් ජැටිය වෙතට ගමන් කිරීමට පියවර ගෙන තිබෙනවා.‍

එහිදී ගැබිනි මාතාවට ප්‍රසව වේදනාව ඇතිව දරුවා ප්‍රසූත කිරීමට අවශ්‍ය බව පවසා තිබුණා.

එම අවස්ථාවේදී  මගී යාත්‍රාවේ සිටි පිරිමි පුද්ගලයින් සියල්ල උඩුමහලට යවා කාන්තාවන් සියල්ල යාත්‍රාවේ යටි මහලේ සිට එම මවට දරුවා ප්‍රසූත කිරීමට සහය ලබාදීමෙන් පසුව ඇය දරුවා ප්‍රසූත කොට තිබෙනවා.

අනතුරුව බිළිඳා සමග මව කූරිකඩ්ඩුවාන ජැටිය වෙතට රැගෙන විත් ගිලන්රථයක් සමගින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

යාපනය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට වන විට අදාළ දරුවා සහ මව යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවයි.

RECENT ARTICLES - SINHALA

සුරක්ෂා රක්ෂණය යළිත්

සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. 2017 වසරේ ආරම්භ කෙරුණු සුරක්ෂා රක්ෂණය 2022 වසරේ දී නවතා...

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සජබයට 

හිටපු යුද හමුදාපති, විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්වී...

මෙහෙකාර දැරිය පිලිස්සි මියයෑමේ නඩුවෙන් රිෂාඩ් නිදහස්

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක මීට වසර 3කට පෙර පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළව රිෂාඩ්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...