29 C
Colombo
Friday, May 17, 2024

ලංකාවෙන් යුක්රේන් යුද්දෙට කුලී හේවායන් යැවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

- Advertisement -

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු වූ විශ්‍රාමික මේජර්වරයකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මකව සිදුකළ මෙම ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කළ පුළුල් විමර්ශනයකින් පසුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව සඳහන්.

රුසියානු හමුදා කඳවුරුවල පිරිසුදු කිරීමේ සේවය සඳහා යැයි පවසමින් මෙම පිරිස් මෙරටින් යවා ඇති අතර එරටදී ඔවුන් රුසියානු – යුක්රේන් යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස යොදාගෙන තිබෙන බවට වාර්තා වනවා.

මෙම මහ මොළකරුවන් දෙදෙනා මෙම මිනිස් ජාවාරමේ නිරතව විශාල පිරිසක් මෙලෙස රුසියාවට යවා ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

මෙලෙස මෙරටින් රුසියාවට ගිය පිරිස් මෙරට හමුදා සේවයේ යෙදුණු විශ්‍රාමිකයන් බවත් සඳහන්.

අත්අඩංගුවට ගත් මේජර්වරයා වාරියපොළ පදිංචිකරුවකු බවත් ඒජන්සිකරු මහනුවර, දිගන අයකු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා.

පෞද්ගලික ඒජන්සි මාර්ගයෙන් වැඩි වැටුපක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් මෙලෙස එක්වන බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

සහන සේවා කටයුතු සඳහා යැයි පවසමින් මෙරට හමුදාවේ විශ්‍රාමික සාමාජිකයන් සැලකිය යුතු පිරිසක් කුලී හේවායන් ලෙස රුසියානු ඉදිරි ආරක්ෂක වළල්ලට යොදවන බවට රුසියානු හමුදාවෙන් පළා ආ යුද්ධ හමුදා විශ්‍රාමිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

යුක්රේනයට එරෙහිව රුසියාව ක්‍රියාත්මක කර තිබෙන හමුදා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් සම්බන්ධ වී සිටින්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් වහා ම තොරතුරු ලබාදෙන ලෙස එරට ආරක්ෂක අමාත්‍යාංශයෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබෙන බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ද පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

ලංකාවට පරීක්ෂණ නැව් නොඑන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා පෙන්වා දී...

සචිත්‍රගේ කටහඬ පරීක්ෂණ වාර්තාව පමා වෙලා

මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට අදාළ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති...

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී සැරයන්වරු දෙදෙනෙක් රෝහලේ

පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...