31 C
Colombo
Saturday, May 18, 2024

පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා – රනිල්

- Advertisement -

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන- ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී පැවසා තිබෙනවා.

ජනාධිපතිවරයා කියා සිටියේ, පලස්තීන ජනතාවට රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා පවතින නීත්‍යානුකූල සහ අහිමි කළ නොහැකි අයිතිය ශ්‍රී ලංකාව සහ ඉරානය පිළිගන්නා බවයි.

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති නිල සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්වුණා.

ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතු බවත්, දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, ණය ආපසු ගෙවීම, ඩිජිටල්කරණ සහ නවීන තාක්ෂණය මෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වැනි වර්තමාන ගෝලීය අභියෝගයන්ට මුහුණදීමේදී සාමුහිකව කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.

ලොව පුරා සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉරානය එක්ව සිටීම පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන ජනාධිපති රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය රටවල් දෙකටම ප්‍රතිලාභ සලසමින් සහයෝගීතාවය සඳහා නව අවස්ථා විවෘත කරනු ඇති බවටද විශ්වාසය පළ කළ තිබෙනවා.

උමා ඔය ව්‍යාපෘතිය බලශක්ති උත්පාදනය, වාරිමාර්ග සහ ජල කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවයේ සංකේතයක් බවත්, එම ව්‍යාපෘතිය ගෝලීය දකුණේ රටවල් අතර මෙම ක්ෂේත්‍රයන්හි පවතින සහයෝගීතාව සඳහා උදාහරණයක් බවට පත්වීම පිළිබඳ සතුටු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

එමෙන්ම අපගේ සාකච්ඡා අතරතුර දෙරට අතර වෙළෙඳ සහ ආර්ථික කටයුතු පුළුල් කර ගැනිම, දේශපාලන සහ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ආදිය ඇතුළත් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටේ උනන්දුවක් පවතින ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කළ බවද ජනාධිපතිවරයා කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ...

බාල බෙහෙත් සිද්ධිය ගැන ජාතික විගණන කාර්යාලයේ අවධානය

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියා සහ ඒවා අනුමත කර ඇති පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු...

ප්‍රසිද්ධියේ සමාව ගන්න.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම

දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...