28 C
Colombo
Monday, May 20, 2024

ව්‍යාපාරයට වුණු පාඩුවට වන්දි ඉල්ලා ව්‍යාපාරිකයෙකුගෙන් රාජපක්ෂලාට එන්තරවාසියක්

- Advertisement -

2019 වසරේ සිට 2022 වසර දක්වා වූ කාලය අතරතුරදී තම ව්‍යාපාරයට සිදු වූ හානියට රුපියල් මිලියන 50ක වන්දි ගෙවන ලෙස දන්වා ව්‍යාපාරිකයකු වන කාලිංග සිල්වා මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එන්තරවාසි යවා තිබෙනවා.

නිසි මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යෑමට අපොහොසත්වීම නිසා සිය ව්‍යාපාරයට සිදුවූ හානිය වෙනුවෙන් හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු මහ බැංකු අධිපති අජිත් නවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට හා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසකට මෙලෙස එන්තර වාසි යොමු කර ඇති බව සඳහන්.

සිවිල්ටාර් නීතිඥ උපදේශක සමාගමේ නීතිඥ ප්‍රමෝද් පොල්පිටිය මහතා මගින් එම එන්තරවාසි යොමු කර තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  දින 14ක් ඇතුළත එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් නඩු පවරා එම වන්දි මුදල අයකර ගැනීම සඳහා පියවරගන්නා බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වනවිටත් නිකුත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් වූ තීන්දු ප්‍රකාශය අනුව රටේ ආර්ථික පරිහානියට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පෙරකී පිරිස වගකිව යුතු බවට නිගමනය කර ඇති බැවින් එකී කාලසීමාව තුළදී තමන්ගේ ව්‍යාපාර කඩාවැටීමෙන් සිදුවූ හානියට එකී වන්දි මුදල අයකර ගැනීමට තීරණය කළ බව පන්නිපිටිය ලියනගේ මාවතේ පදිංචි කාලිංග සිල්වා මහතා එම එන්තරවාසි මගින් පෙන්වාදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දිනය මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වෙන විවාදය සඳහා දින නියම වී තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 4ක් ඉන්දියාවේදී අත්අඩංගුවට 

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට (වීඩියෝ)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...