25 C
Colombo
Monday, June 3, 2024
spot_img

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ගැන අධිකරණයෙන් තීරණයක්

- Advertisement -

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍‍රාල්ට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම අද (8) කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ප්‍රතිකාර ගැනීමට විදෙස් ගත වීමට අවශ්‍ය බැවින් අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා ඇති විදේශ ගමන් තහනම ස්ථිර වශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් නීතිඥ තිළිණ වීරසිංහ මහතා මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කර තිබුණා.

විමර්ශන අනුව ඕනෑම අවස්ථාවක සැකකරුවෙක් ලෙස නම් කළ හැකි බවත් විදේශගත වුවහොත් විමර්ශනවලට බාධා විය හැකි බවත් කියමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නා.

මහ බැංකු අධිපතිවරයාව සිටිය දී රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාළව කබ්රාල් මහතාට පසුගිය විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට සහ 2014 වසර කාලයේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළු නිලධාරීන්ට විරුද්ධව තීනියාවල පාලිත හිමි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලක් මත මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ගිවිසුම්ගත ඩෙලවෙයාර් ලිමිටඩ් ලයබිලිටි සමාගමට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් මූල්‍ය මණ්ඩලයේ අවසරය පමණක් ගෙන තෙවැනි පාර්ශ්වයකට ගෙවීම සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එහිදී චෝදනා එල්ල වුණා.


RECENT ARTICLES - SINHALA

පැලවත්ත නෙළුව ප්‍රධාන මාර්ගය වසා දැමේ

පැලවත්ත නෙළුව ප්‍රධාන මාර්ගය නායයාමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය...

අයහපත් කාලගුණය සමඟ ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත කඩිනමින් මුදල් වෙන්කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස්...

අලින්ටත් කළකිරිලා

අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් එකම ස්ථානයක සිට නැරඹිය හැකි ලෝකයේ සුවිශේෂී උද්‍යානයක් වන මින්නේරිය ජාතික උද්‍යානයට වර්තමානයේ දී අලින්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවී තිබෙන...

POPULAR ARTICLES

බත්තරමුල්ලට දුම්රිය මාර්ගයක්

කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය නව නගරයක් ලෙස පරිවර්තනීය වෙනසකට ලක්කිරීමේ පිඹුරුපත් සකසා අවසන් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ (2024.05.28) කොළොන්නාව...

Breaking:ඉන්ධන මිල පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති...

එළවලු මිල ඉහළට

පෑලියගොඩ මැනිං පොදු වෙළඳපොළේ ඇතැම් එළවලු මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, බෝංචි කිලෝවක් රුපියල් 700ක් වන අතර, කැරට් රුපියල් 130ත් - 150ත් අතර ලෙස...