33 C
Colombo
Friday, May 3, 2024

බන්දුලගෙන් තවත් බඩු මල්ලක් (වීඩියෝ)

- Advertisement -

එළැඹෙන සංචරණ සීමා සමය සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තවත් භාණ්ඩ මල්ලක් හදුනවාදී තිබෙනවා.

ඒ අනුව හුදෙකලා කරනු ලැබූ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරයා හරහා ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් රුපියල් 5000 ක අදාළ බඩු මල්ල ලබාගත හැකියි.

ඒ අනුව අදාළ සහන මල්ලට නාඩු කිලෝ 5 ක්, සුදු කැකුළු කිලෝ 5 ක් හා රතු කැකුළු කිලෝ 5 ක් ලෙස සහල් කිලෝ 15 ක් අන්තර්ගත වනවා.

එමෙන්ම පිටි කිලෝ 3 ක්, අර්තාපල් කිලෝ 3 ක්, ලොකු ළූණු කිලෝ 3 ක්, හාල්මැස්සන් ග්‍රෑම් 200 ක්, ලුණු කිලෝවේ පැකට්ටුවක්, නූඩ්ල්ස් කිලෝවේ පැකට්ටුවක්, පරිප්පු කිලෝ දෙකක්, මාරි ග්‍රෑම් 350 පැකට්ටුවක්, ක්‍රීම් ක්‍රැකර් ග්‍රෑම් 500 පැකට්ටුවක්, තේ කොළ ග්‍රෑම් 200 ක්, මිරිස් කුඩු ග්‍රෑම් 200 ක්, ගම්මිරිස් ග්‍රෑම් 100 ක්, මුහුණු ආවරණ 10 ක්, මිලි ලීටර් 100 විෂබීජ නාෂක් බෝතලයක් අදාළ භාණ්ඩ මල්ලේ අන්තර්ගතයි.

බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ අදාළ භාණ්ඩ මල්ලේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් 6000 ක් පමණ වන බවයි.

RECENT ARTICLES - SINHALA

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

හොර ඖෂධ ගනුදෙනු ගැන අල්ලස් කොමිසමෙන් අනාවරණයක්

පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ, දැනට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...